විමර්ශවලදී තරාතිරම වැදගත් නෑ
පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව කරන විමර්ශනවලදී කිසිම පුද්ගලයෙකුගේ තරාතිරම අදාළ නොවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවැසීය. අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.
“අප සිදුකරන මෙහෙයුම්වලදීත්, විමර්ශනවලදීත් පුද්ගලයන්ගේ සැකකරුවන්ගේ තරාතිරම අදාළ නොවන බව කියන්න කැමතියි. විමර්ශනවලදී මෙහෙයුම්වලදී පුද්ගලයින්ගේ තනතුරු ගැන නොසළකා කටයුතු කර තිබෙනවා. අතිගරු ජනපතිතුමා මේ ගැන උපදෙස් දීලා තිබෙනවා.
පසුගිය දින අත්අඩංගුවට පත්වුණා මේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් නොරොච්චෝලේ පොලිස් ස්ථානයෙන් අත්අඩංගුවට ගත්තා සහකාර අධ්‍යාපන අධ්යක්ෂවරයෙක්. ඔහු ඊයේ නැවතත් මැයි 20 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළා.
ඔහුගේ කාර්යාල කාමර පරික්ෂා කරලා ලැප්ටොප් පරිගණකය අත්අඩංගුවට ගත්තා. එය විමර්ශනය කරලා තවදුරටත් දත්ත ලබාගැනීම සිදුවෙනවා.”

popular news
-
sg Thursday, 09 May 2019 11:37 PM
එතකොට වැල්ලම්පිටියේ සැකකරුවන් නිදහස් වෙන්නේ කොහොමද
Reply : 1 0
Sanath Friday, 10 May 2019 10:49 AM
ඒ ගැන අපි හොඳට දන්නවා .
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

